Friday, September 20, 2024

බැසිල් පැන්නද ?

Must read

අද අලුයම රත්මලාන ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බවට කටකතා පැතිර ගිය හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තවමත් දිවයිනේ සහ රෝහල්ගතව සිටින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

ඩේලි මිරර් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ඇමතූ විට ඔහු තහවුරු කළේ බැසිල් ප්‍රධාන ගුවන් තොටුපල තුන වන BIA, මත්තල සහ රත්මලාන හරහා රට හැර ගොස් නොමැති බවත් එවැනි කටකතා අසත්‍ය බවය.

අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළෙන් පිටත් වූ පෞද්ගලික ජෙට් යානයේ විදේශිකයින් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිටි බවත් හිටපු මුදල් අමාත්‍යවරයා ප්‍රවාහනය නොකළ බවත් ෂෙහාන් පැවසු බවද ඒම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඊයේ දිනයේදී COVID-19 ආසාදනය වීමෙන් පසු බැසිල් කොළඹ පෞද්ගලික රෝහලක සිටි බව ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article