Tuesday, September 15, 2026
spot_img

බාල තම්පෝ සහෝදරයාගේ 7 වන ගුණ සමරුව ( ඡායා)

Must read

වෘත්තීය සමිති පුරාවෘත්තිය අභීත සටන්කාමී මානව හිතවාදියා බාලා තම්පෝ සහෝදරයා අපෙන් වෙන්වී වසර 7 ක් බව අද 2021 සැප්. 1 දින අප සිහිපත් කල වගයි.
ඔහුගේ වගකීම ඉටුකිරීමට අපට පැවරිනි.

සහෝදරයාට (බාලා තම්පො)

රට දැය රකින විරුවන් ඇත නෙක අයුරින්
මිනිසුන් නිසා දිවි දෙයි දෙවිවරු විලසින්
වැඩ බිම දනන් විඳිනා නෙක දුක් සිතඟින්
දුටුවා නුඹේ හදවත රිදෙනා තරමින්

තේජස කෙනෙකු තුල තිබෙනා මනා ලෙස
පරිනත බවේ සැකයක් නැත කිසිම ලෙස
කාටත් එකම හැන්දෙන් බෙදනා රහස
ඇල්ලූ කෙනෙකු තවමත් නොගැටුනා ඇස

අනියත නමුත් ලොව පවතින සියලු දෙය
පවතින්නට දෙයක් මෙහි සැඟවිලා ගිය
සොයනා නමුත් දින දින වියකෙනා දෙය
හමුවන මගක් නැතිවම සිහිනයක් විය

ඉපදුන සැවොම මිය යනවා යම් දිනක
නුඹ ගිය දිනේ නොමයයි ගිලිහී මතක
හැකි උනොතින් හමුවෙනවා අපි දිනක
යහපත් සිතින් පැතුමක් නැගුනා සිතක

– තුෂාරි සේනාරත්න –



(CMU ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article