Monday, November 25, 2024

පෞද්ගලික දුරකතන සංවාද පටිගත කිරීමට කිසිඳු තහනමක් නැහැ !

Must read

පෞද්ගලික දුරකථන සංවාද පටිගත කිරීමට කිසිඳු තහනමක් නැති බවට ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය පවසනවා.
එහි සභාපති යසිරු කුරුවිටගේ මහතා සඳහන් කරන්නේ, දුරකථන සංවාද පටිගත කිරීමට යොදාගන්නා දුරකථන යෙදුම් තහනම් කිරීමට රජයට කරන ඉල්ලීම් පිළිබඳව කණගාටු වන බවයි.
මේ අතර පෞද්ගලික දුරකථන සංවාද මොනයම් ක්‍රමයකින් හෝ තහනම් කිරීමට නොහැකි බවයි එම සංගමය පෙන්වා දුන්නේ.
පසුගියදා මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ දුරකතන සංවාද පටිගත කෙරෙන ඇප් (APP)තහනම් කරන ලෙසයි.
(www.infosrilankanews.info)
එම නිවේදනය පහතින්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article