තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරියක් සීල් තබා ආපසු හරවා යැවූ පුවතක් වාර්තා වෙයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් ප්‍රදේශයක් වශයෙන් හදුනාගෙන ඇති පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයෙන් මෙම ගස්ලබු තොගය ගෙනවිත් තිබීම මීට හේතුවයි.
එමෙන්ම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබිනි.
එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.