Friday, November 22, 2024

පිට පිට තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයන් 900 ඉක්මවයි…

Must read

කොවිඩ් -19 ආසාදිතයින් 942ක් ඊයේ (11) දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබීමත් සමග පිට පිට තෙවන දිනටත් මෙරටින් 900ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තාවිම සිදුවිය.
මේඅතරින් ආසාදිතයින් 939 ‍දෙනෙකු මෙරට පුද්ගලයන්ව වන අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 273ක් ලෙසය.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102ක් ලෙස වාර්තා වේ.

ඒ අනුවම මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 73,116 ක් දක්වා ඉහළගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article