පාර්ලිමේන්තු මන්ත්රීවරියකගේ ආධාරකරුවන්ගේ ප්රහාරයකට ලක්වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (16) රාත්රීයේ වතුපිටිවල රෝහලට ඇතුලත් කර ඇති බව වේයන්ගොඩ පොලීසිය පවසයි. මෙම පහරදීම සිදුව ඇත්තේ පල්ලෙවෙල,වේරගොඩ මාර්ගයේදීය.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ කුඹල්ඔළුව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
පාර්ලිමේන්තු මන්ත්රීවරිය පිලිගැනීමේ උත්සවයක් කුඹල්ඔළුව ප්රදේශයේ පවත්වා ඇති බවත් එහිදී එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයන් විසින් එම අවස්ථාවට බාධා කර ඇති බවත් එහිදී මෙම සිදුවීම සිදුව ඇති බවත් පරීක්ෂණ වලදී හෙලි වූ බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් තමන්ට සිදුවූ බාධාව හා තර්ජනය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරියද වේයන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය පවසයි.