Sunday, January 12, 2025

පාසල් කැන්ටින් නියාමනයට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පියවර

Must read

දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීන ව සිදුකළ අධ්‍යයනයක් මගින් දරුවන් පෝෂණ ඌනතාවයන්ගෙන් පෙලෙන බවත්,ඒ සදහා වැඩි බලපෑමක් සිදුකර ඇත්තේ දරුවන් වැරදි ආහාර පුරුදුවලට හුරුව සිටීම බවත් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහති සදහන් කර ඇත.එමෙන්ම ස්ථුලතාව, මිටි බව, අධිබර හා කෘෂ බව වැනි පෝෂණ ගැටළු වලට දරුවන් ගොදුරු වීමත් එමගින් දියවැඩියාව,හෘද රෝග හා පිළිකා වැනි බෝ නොවන රෝග වලටත් ,දන්ත රෝග වලටත් වැළඳීමේ අවදානමකට දරුවන් ලක්වීමට ද වැරදි ආහාර පුරුදු බලපා ඇති බව හෙළි වී ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්වය මත නිවැරදි ආහාර පුරුදු වලට දරුවන් යොමු කිරීම සදහා ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.ඒ සදහා වන චක්‍රලේඛයක්ද මේ වන විට පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ. එ චක්‍රලේඛයට අනුව , සියලු පාසල් ආපන ශාලා ක්ෂණික ආහාර, හා කාබනීකෘත බීම වෙනුවට ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය කෙරෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර ලබාදීමට සහතික විය යුතු අතර සාධාරණ මිල ගණන් යටතේ දරුවන්ට එම ආහාර ලබාගැනීමේ අවස්ථාව ද සැලසිය යුතුය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article