

පසුගිය 23 වැනිදා කින්නියා – කුරින්ජක්කේනි ප්‍රදේශයේ දී පාරු අනතුරෙන් තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසු බව බැටිනිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මියගොස් ඇත්තේ කින්නියා කුරිඤ්ඤක්කේනි ප්‍රදේශයේ පදිංචි එස්.නිපා (06) නැමැති දැරියකි.
මෘත ශරීරය මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කරමින් සිටින අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ වනවිට බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර මේ අනතුරෙන් ඇස්ඇරණු බලධාරින් මේ වන විට නාවික හමුදාව යොදවා ආරක්ෂිත පාරු සේවයක් අනතුරෙන් පසුදාම යෙදවිමට පියවර ගෙන තිබුණි.
මේ ආරක්ෂක පියවරයන් කල් ඇතිවම ගැනිමට ඇමතිලා ඇතුලු නිලධාරින් කටයුතු කර තිබුනේ දැනටමත් අහිමිව ගොස් ඇති ජිවිත 7 ක් කින්නියා දරුපවුල් වලට අහිමි නොවනු ඇත.
