Friday, January 10, 2025

පාරිහෝගිකයාට කුණු ලූණු කවන්න ගිය ව්‍යාපාරිකයෙක් ගලේවෙලදි මාට්ටු වෙයි ?

Must read

DSC04479භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ තොගයක්  වරාය මගින් වෙන්දේසි කළ අවස්ථාවේදි  තමා විසින් කිලෝවක් රුපියල් තිස් එක බැගින් මන් මෙම ලූනූ තොග මිලදී ගත් බවත කියන ව්‍යාපාරිකයෙකු එම ලුණු තොගය  අලෙවිය සදහා රැගෙන යමින් තිබියදි දඹුල්ල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල දේවහුව බුලනවැව ප්රදේශයේ දී තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනර් රථය සහ එම ලොරි රථය (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.

පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදි අදාල ව්‍යාපාරිකයා කියා සිටියේ . නරක්වී ඇති ලොකු ළූණු ඉවත්කොටඉතිරි ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදු කරන බව .DSC04493

එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ මිනිස් පරිභෝජනයට සුදුසු නුසුදුසුද යන්න තමන්ට කිසිදු ප්රකාශයක් කළ නොහැකි බවත් කෙසේ වෙතත් බැලූ බැල්මට මෙම ලුණු නරක් වී ඇති නිසා තමා වහාම හජන සෞඛ්ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඔවුන්ගේ වාර්තාවක් කැඳවන බවත් එතෙක් ලුණු තොගය සහ ලොරි රථ 2 අත් අඩංගුවට ගන්නා බවය.පසුව මෙම ලොකු ලූනූ තොග පරික්ෂාකල ගලේවෙල පරිපාලනහජන සෞඛ්ය පරීක්ෂක එච් .ඩී . දයාරත්න මහතා මෙන්ම දේවහුව මහජන සෞඛ්ය පරීක්ෂක ඩබ්ලිව් . . අබේසිංහ දෙදෙනා කියා සිටියේ කිසිදු ආකාරයකින් මෙම ලූනූ තොග ආහාරයට ගැනීමට නුසුදුසු බවත් මේ පිළිබදව නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවය.

ඡායා- කාංචන ආරියදාස

DSC04538DSC04474

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article