පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමත් සමඟ ඔවුන් දැන් ඉල්ලා අස්විය යුතු බවත් පවසාා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද නවතම සංශෝධනය ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම තහනම් කර ඇති බව ඔහු පවසා තිබුණි
. “මේ මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්නේ නම් ඔවුන් ඉල්ලා අස්විය යුතුයි,” ඔහු අවධාරණය කර තිබු බව ඩේලි මිරර් පුවතේ වැඩිදුරටත් සදහන්ය