ප්රජාතන්ත්රවාදය පිලිබදව අරගලය පාර්ලිමේන්තුවේදි පමණක් විසදා ගත නොහැකි වෙමින් ඇති බව තේරුම් ගන්නා මේරට ප්‍රගතිශිලි පුරවැසියෝ මේ අරගලය සදහා විවිධ මැදිහත්විම් එක් කරමින් සිටිති .
වෙනදා පාරෙදි අප නොදකින විරෝධතා කණ්ඩායම් රැසක් අලුත් මුහුණුත් සමගින් දැන් විදියට පැමිණිමම ඇත්තටම ප්රජාතන්ත්රවාදය සදහා වන අරගලයට සැබැවින්ම ආශ්වාදයකි.
ඊයේ දිනයේ නිදහස් චතුරශ්‍රයට අසලදී සිවිල් සමාජ ක්රියාකාරීන්හා කන්ඩායම්එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර සිදුවෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය ට එරෙහිව ලියූ සටන් පාඨ රැසක් ඒ අතර විය.
මෙවන් අරගලය විරෝධතා සංස්කෘතියට නවමානයක් එක්කරමින් තිබේ.
“නැගීසිටිමු”
ශ්‍රී ලංකා ජනරජයේ ප්රජාතන්ත්රවාදයේ අදුරුම යුගයට මුහුණදීමට අපට සිදුවී ඇත. ඔබගේ ඡන්දයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය සහ ඔවුන්ගේ පක්ෂ නායකයින්ගේ නිහඬ ක්‍රියාපිළිවෙත පිළිබඳ ඔබ කලකිරීමෙන් සහ කෝපයෙන් පසුවන්නේද? මෙලෙස අපගේ රටත්, අපගේ ප්රජාතන්ත්රවාදයටත්, අප ගරුකරන සදාචාරයටත් නොගැලපෙන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරීම හා ක්‍රියාකිරීම රටේ දේශපාලන ඉතිහාසය තුළ සිදුවූ පළමු අවස්ථාවද මෙය නොවේ. තවදුරටත් නිහඩව සිටියහොත් අවසාන අවස්ථාවද මෙය නොවනු ඇත. මෙයට එරෙහිව නැගී සිටිමින් අපතුළ ඇති වූ කලකිරීම් අවම කිරීම සදහා දිගුකල් පවතින වෙනසක් ඇති කිරීමට අප සියලු දෙනාම එකතුවිය යුතුව ඇත.
එසේනම් අපි එකමුතුව “නැගීසිටිමු”
මෙහි පළමු පියවර වශයෙන් ප්රජාතන්ත්රවාදී, සදාචාරාත්මක, නීතිගරුක අනාගතයක් මව්බිමට උදාකිරීම උදෙසා අද (නොවැම්බර් 19 සදුදා) පස්වරුවේ දක්වා නිදහස් චතුරස්රයට එක්විය.
මෙම හමුවේ ප්‍රධාන පරමාර්ථ වුයේ,
01. වර්තමානයේ දේශපාලන සංස්කෘතියට සිදුවී ඇති විපතට එරෙහිව අවිහිංසාවෙන් නැගී සිටීම.
02. වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳව තරුණ අපගේ අදහස් රටටම දැනුම් දීම සදහා ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කිරීම.
03. දිවයින පුරා විවිධ ජාතීන් ආගම් නියෝජනය කරන යොවුන් නායක නායිකාවන්, විවිධ වූ වෘත්තිමය කණ්ඩායම් සහ මේ පිළිබදව කැපවීමක් ඇති පුරවැසියන් එක්ව ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම.
මේ තුලින් ප්රජාතන්ත්රවාදය සුරැකීමට කැපවන විශාල ජනහඩක් සහ බලවේගයක් ඇති කිරිම කල යුතුව ඇත.
ඔබ තවදුරටත් නිහඬව සිටීමෙන් හෝ යමක් කිරීමට නොහැකිවීම ගැන කලකිරීමකට ලක්වීය යුතු නැත.
එන්න, එක්වන්න.