Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාර්ලිමේන්තුව තුල අශොභන හැසිරීමේ පාඩුව රුපියල් 260,000ක්

Must read

(3.30 PM )පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ නඩය විසින් පාර්ලිමෙන්තුව තුල නොමනා ලෙස හැසිරීම හා පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කිරීමේ පාඩුව රුපියල් 260,000ක් ලෙස මේ වන විට තක්සේරු කර තිබේ. මෙම තක්සේරු කිරීම සිදුකර ඇත්තේ  පාර්ලිමේන්තු ඉන්ජිනේරු අංශය මගිනි.

මෙහිදී මයික්‍රොෆෝනවලට සිදුව ඇති අලාභය රුපියල් 230,000 ඉක්මවන බවට හා සභාගර්භය වටා ඇති කණු දෙකට සිදුවූ හානිය රුපියල් 30000ක්  පමණ වන බවද ගණන් බලා ඇත.

එම සිදුවීම් අතරතුර පාර්ලිමෙන්තුවේ පොත්පත් කිහිපයකට හානි සිදුව ඇති අතර ඒවා සම්බන්දයෙන් තවත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සදහන් කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article