Friday, September 20, 2024

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

Must read

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබේ. ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා වැලිකඩ පොලිස් වසම තුළ ඩබ්ලිව්.පී.කේ.පී.4575 දරණ ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරික්ෂාකාරි ආකාරයෙන් පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.
දෙවන අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ මෙම අනතුර සිදු වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article