Wednesday, November 27, 2024

පාගමන් ගිය කතුන්ට බියවු පොලිසිය සහ ඇප ලබා දුන් උසාවිය..

Must read

ත්‍රස්ත පනත යටතේ දින 90 ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරේදා (12 දා) කළුතරින් ආරම්භ කළ පාගමනේ යෙදුණු කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරිය බව පානදුර දකුණ පොලිසිය පවසයි.

සාමකාමි ලෙසින් පාගමනක් මගින් සිය විරෝධතා පළකිරිමට පවා පොලිසිය විසින් ඉඩ ලබානොදිම ගැන බරපතල විවේචනයක් සමාජ මාධ්‍ය තුලින්ද එල්ල ව තිබේ

මෙසේ අත්අඩංගුවට ගෙන මුදා හැර ඇත්තේ විරෝධතා පාගමනේ යෙදුණු නිරෝෂා ඩැනියෙල්, ප්‍රියන්ති ප්‍රනාන්දු, දිල්කි සුරංගිකා සහ ඔවුන්ගේ සහායට පැමිණි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article