Tuesday, September 15, 2026
spot_img

ප්‍රවෘත්ති මුලාශ්‍ර සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරයි ?

Must read


යාපනයේ සහ කිලිනොච්චියේ මාධ්‍යවේදීන් දෙදෙනකුව මරදන්කේනි සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීම  සදහා   කිලිනොච්චිය, ඉරනමඩු ප්‍රාදේශීය අපරාධ විමර්ශන ඒකකයට පසුගිය   බදාදා (21)කැදවා තිබූ අතර එහිදී මාධ්‍යෙව්දීන් දෙදෙනා සමග පැය දෙකක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන කර තිබේ.

මේ ආකාරයට ප්‍රශ්න කිරීම සදහා කැඳවා ඇත්තේ  යාපනයේ ප්‍රදීපන් සහ කිලිනොච්චියේ පරමසිවන් (සිවා) යන මාධ්‍යෙව්දීන් දෙදෙනායි. මෙම ප්‍රශ්න කිරීමට අදාළ හේතුව වී ඇත්තේ ජූනි 2 වැනිදා  නැගෙනහිර මරුදන්කේනි ප්‍රදේශයේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා  සහභාගි වූ රැස්වීමේදී  සිදුවු අවුල් සහගත තත්ත්වය සම්බන්ධයෙන්  වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධවයි. එම වීඩියෝ දර්ශන සහ ප්‍රවෘත්ති මාධ්‍යවල පළ වුයේ කෙසේද යන්න පොලීසිය විසින් මෙම මාධ්‍යෙව්දීන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article