Friday, September 20, 2024

පසුගියදා දෙහිවලින් හමුවූ කොරෝනා ආසාදිතයා නිරෝධායනය අවසන් කල අයෙක්

Must read

මේ වන විට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 199ක් දක්වා ඉහළ ගොස් ඇත.කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුල නිරෝධායනය අවසන් කල රෝගීන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අවස්ථාවන් අපට දැනගන්නට ලැබිණි.
එලෙසම පසුගියදා දෙහිවල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතය මාර්තු 15 වනදා මෙරටට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔහු දින 14ක නිරෝධායන කාලය අවසන් කල පුද්ගලයෙකු බවද වාර්ථා වෙයි.ඉන් දින 12 කට පසු එනම් 10 වනදා ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම සිදුව ඇත.
ඒ අනුව කොරෝනා නිරෝධායන කාලය සම්බන්දයෙන් ගැටළු මතුවන අතර ඒ හේතුවෙන් මේ වන විට දින 21ක නිරෝධායන කාලයක් සදහා පිරිස් යොමු කිරීමට තීරණය කල බවද හමුදාපතිවරයා පසුගියදා සදහන් කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article