Thursday, January 16, 2025

පක්‍ෂ මාරුව නතර කරන්න වගන්ති ඇතුළත් කළ යුතු බව අපි එදා යෝජනා කළා. දිනේශ් ඒකට විරුද්ධ වුණා .ජවිපෙ කියයි

Must read

sunil hadun 1අද සමාජය තුල වැඩිම කථා බහකට ලක්ව ඇති මන්ත්‍රිවරන්ගේ පැනිල්ල ගැන ජනතා විමුක්ති පෙරමුණ සිය අවධාණය ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදි යොමුකර තිබුණි
එහිදි ඔවුන් කියා තිබුනේ අද මුළු රටේම ජනතාව ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතලවල බරපතලකම අත්දකිමින් ඉන්නවා. බල සූදුව ඇතුළේ අද මන්ත්‍රිවරුන් කුණු මාළු ගානට විකිණෙනවා.
කෝටි 40ට, 50ට මිල නියම වෙනවා.
මන්ත්‍රිවරු මිලටගැනීම වෙනුවෙන් සාකච්ඡුා කෙරුනු හඬ පට එළියට එනවා. ඇමතිවරුන්ට, මන්ත්‍රිවරුන්ට මුදල්දීම, තනතුරු දීම අල්ලස් ලබාදීමක්.
එය බරපතල වරදක්.
නමුත් නීතිවිරෝධී ක්‍රියා එළිපිටම සිදුවෙනවා.
මෙසේ කෝටි ගණනින් මන්ත්‍රිවරුන් විකිණිම වැලැක්විමට තම පක්ෂය පසුගිය කාලයේ සිදුකරන ලද මැදිහත්විම ගැනද මෙසේ සදහන් කර සිටියේය.
. මන්ත්‍රිවරුන් විකිණීම වැළැක්වීමට අපි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. 19වැනි සංශෝධනය සම්මත වන වෙලාවේ පක්‍ෂ මාරුව නතර කරන්න වගන්ති ඇතුළත් කළ යුතු බව අපි යෝජනා කළා. නමුත් 19 සම්මත වන අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වුණා. එදා අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස එය අනුමත කරමින් යෝජනාව ඉවත්කර ගත්තා. එහි ආදීනව අද ජනතාව අත්විඳිමින් සිටිනවා. එම නිසාම මන්ත‍්‍රීවරු පිල්මාරුව වැළැක්වීමට යෝජනාවක් 20වැනි සංශෝධනයට ඇතුළත් කොට තිබෙනවා. ජනතාවට තේරුම් ගන්න පුළුවන්, මන්තී‍්‍රවරුන් නින්දිත ලෙස විකිණීම නතර කරන්න ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වුණේ ඇයි කියලා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article