Wednesday, January 22, 2025

නුවරඑළිය …..

Must read

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී.

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැක.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article