මඩකලපුව – වාලච්චේන රිජිතෙනා මුරපොලෙහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සීදුව සිට මඩකලපුව දක්වා ගෙන රැගෙන ආ මත්පැන් බෝතල් 9240 ක් රැගෙන යන ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයේ කන්ටේනරය තුළ රුපියල් කෝටි 70ක් පමණ වටිනා මත්පැන් බෝතල් තිබී ඇත. රටේ ඇදිරි නීතිය පනවා ඇති කාලයේ ආරක්ෂාව හේතුවෙන් ගමන් තහනම කිරීමෙන් පසු මත්පැන් අලෙවිසැල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති පසුබිමක , මෙම මත්පැන් නීති විරෝධී ලෙස විකිණීම සඳහා ගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථය වාලච්චේන පොලිසියේ රඳවාගෙන සිටියි.
රුද්රා