Sunday, November 24, 2024

නිදා ඉන්න සිංහයන් ඇහැරවා කෑවෝ කෑවෝ කියන්න එපා : අර්ජුන් කමලනාත් ගෙන් තර්ජනයක්

Must read

අද (10) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන එළඹෙන මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සිහින දකිමින් සිටින පුද්ගලයෙකු වන , තමන් සිංහයෙකු හා හෙලයෙකු වශයෙන් ආමන්ත්‍රණය කරගන්නා අර්ජුන් කමලනාත් නම් පුද්ගලයෙකු විසින් තර්ජනාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

එහිදී ඔහු අසැබි වචන භාවිතා කරමින් සිය ඡන්ද දායකයින් අමතනු දකින්නට ඇති අතර , තමන් රටට ණය නැති බවත් රට තමන්ට ණය බවත් පවසයි. ඔහු එසේ පවසන්නේ ඔහු කිසිවෙකු මත යැපෙන්නේ නැති බවත් පිරිසත් ඔහු මත යැපෙන බවත් පවසමින්ය.

එමෙන්ම එම වීඩියෝ පටයේදී සිය ජංගම දුරකථන අංකයද ඉදිරිපත් කරන ඒ මහතා, තවදුරටත් අසැබි වචනයෙන් අමතමින් සදහන් කරන්නේ තමන්ව නිවසට ගෙන්වා ගෙන වැඩ වරද්දා නොගන්නා ලෙසයි.

ඔහුගේ තර්ජනාත්මක වීඩියෝව පහතින්,

https://www.facebook.com/112232280315564/posts/124473925758066/

මෙම තර්ජනය සම්බන්දයෙන් අපි ඒ මහතාට ස්තූති වන්ත වන අතර ඔහු වැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොගැලපෙන බව තව තවත් දිනෙන් දින ඔප්පු කිරීම සම්බන්දයෙන් ගෞරව කරන්නෙමු.

පසුගිය රජය සමයේ හමුදා නිලතලල වලට අදාල වැටුප් ලැබූ රංගණ ශිල්පීන්/කලාකරුවන් යැයි ආමන්ත්‍රණය කරගන්නා පිරිසෙන් කෙනෙක් වන අර්ජුන් කමලනාත් පසුගියදා ඔහුගේ නමින් ක්‍රිකට් තරගාවලියක්ද සංවිධානය කර තිබිණි. එහිදී තරගයේ වීරයාට හිමි මුදල වශයෙන් අරජුන් කමලනාත් මහතා රුපියල් 1000ක අති විශාල ත්‍යාගයක් ලබා දී තිබනෙු දක්නට ලැබිණි. පසුව දැනගන්නට ලැබුණේ එම මුදල සදහන් වන බෝඩ් එක නිර්මාණය කර ප්‍රින්ට් කිරීමට පවා රුපියල් 1320ක් වියදම් වී ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article