Thursday, January 23, 2025

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ යුද සැමරුවට පොලීසිය කඩාවැද සිසුන්ට තර්ජනය කරයි

Must read

මැයි 18 වෙනිදා පොලිසිය කැඳ මුට්ටියක් වාහනයකින් මුල්ලිවයිකාල් වලට අරන් ගියා.

මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරුමුලේ මණ්ඩපය ඉදිරිපිට කලා හා සංස්කෘතික පීඨයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මැයි 18 මුල්ලිවයිකාල් සමරු උත්සවය පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබුණද සිසුන් විසින් සරසා තිබූ කහ සහ රතු කොඩි පොලිසිය විසින් ගලවා දමන ලදී.

මේ හේතුවෙන් සිසුන් කලබලයට පත්ව එහි කැඳ ලබාදීමට තීරණය කර කැඳ සකස් කරමින් සිටියදී පොලිස් ස්ථාන භාර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් එහි පැමිණ බැනර් සහ ගිනිදැල් පත්තු නොකළ යුතු බව පවසමින් එය වැළැක්වීය. ඉන්පසු බැනර් විසිකර සිසුන්ට තර්ජනය කරන ලදී.

ඊට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසිය පැමිණ සිටි සියල්ලන්ම නොනවත්වා වීඩියෝ ගත කළ අතර මාධ්‍යවේදීන් ඔවුන්ගේ මුහුණු පැහැදිලිව පෙනෙන පරිදි ඔවුන්ගේ දුරකථන වලින් සිසුන්ව ඡායාරූපගතකර ඇත.

එමෙන්ම සිසුන් ගිනි දල්වා පුෂ්පෝපහාර දක්වද්දී එය නවතා එම ස්ථානයෙන් පිටව ගොස් නැගෙනහිර කලා හා අධ්‍යයන විශ්වවිද්‍යාලයට ඇතුළු වී ඔබතුමාව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරන ලදි.

එල්.දේවාදිරන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article