Monday, December 23, 2024

නැගෙනහිර ජනතාව හොදින් දන්නවා ‘ කරුණා‘ කවුද කියලා – එම්.ඒ.සුමන්තිරන්

Must read

(12.32pm) දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ)  මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පසුගියදා මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණා දේශපාලන ව්‍යාපාරිකයෙකු ලෙස විවේචනය කරන ලදී.  මට කරුණාගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු නැත. එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ කරුණා යනු කවුරුන්ද යන්න නැගෙනහිර පළාතේ ජනතාව හොඳින් දන්නා බවයි.  අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ එක්සත් නිදහස් සන්ධානයේ (යූපීඑෆ්ඒ) නායක කරුණා අම්මාන් ලෙස කලින් හැඳින්වූ විනයාගමූර්ති මුරලිදරන් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) විවේචනය කර ඇති අතර  සුමන්තිරන් මහතා ඔහු  මැතිවරණ වෙළෙන්දෙකු ලෙස විශේෂයෙන් සඳහන් කර තිබීම විශේෂත්වයකි. තවදුරටත් ඔහු පැවසූවේ මට කරුණාගේ ප්‍රශ්නවලට පිළිතුරු දිමට අවශ්‍ය නැති බවයි.  නැගෙනහිර පළාතේ ජනතාව කරුණා කවුදැයි හොඳින් දන්නනවා.  අන්ධායන්ගේ ප්‍රකාශයන්ට පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවය මට  නැති බව ඔහු ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article