Saturday, September 21, 2024

‘නාසිවන්’ දූපතේ වැලි ප්‍රශ්නයට රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් ගෙන් විසඳුමක්

Must read

වාලච්චේනේ නාසිවන් දූපතේ  ධීවර වරාය සංස්ථාවේ වැලි සේදීම හා කැණීම් ව්‍යාපෘතිය නීති විරෝධී මෙන්ම පරිසර විරෝධී බව පවසමින් ප්‍රදේශයේ   ජනතාව හා දේශපාලන ක්‍රියාකාරීන් විසින් දින කිපයක් පුරා සිය විරෝධය දැක්වූහ. මෙම වැලි සේදීම හා ප්‍රවාහනය නතර කරන ලෙස ඉල්ලමින් ජනතාව ගෙනිගිය අරගලයට  නිවැරදි විසඳුමක් රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්  විසින් වාලච්චේනේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ලබාදී තිබේ. පසුගිය (29) වනදා
කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව සම්මත විය.  මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු  භූමියක් තෝරා ගන්නා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු යැයි පවසමින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. එය උල්ලංඝනය නය කරමින් නීතිවිරෝධී ක්‍රියාවක නිරත වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.
මෙම අවස්ථාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර සංවර්ධන දෙපාර්තමේන්තුව, වෙරළ පරිසර ආරක්ෂණ අධිකාරිය, භූ විද්‍යාත්මක ඛනිජ සම්පත් කැණීම් දෙපාර්තමේන්තුව, සමුද්‍ර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වාලච්චේනේ ධීවර වරාය, ප්‍රාදේශීය ධීවර සංගම් සහ ප්‍රජා මට්ටමේ සංවිධාන සහභාගී වූහ.
ඉහත රාජ්‍ය ආයතනවල නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද ධනාත්මක හා නිෂේධාත්මක යෝජනා පිළිබඳව දෙපාර්ශවය සමඟ සාකච්ඡා කර රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා විසින් මෙම තීරණයට එළඹී ඇති අතර ගම් මට්ටමින් විරෝධතාවය අත්හිටුවීමට ද තීරණය කර තිබේ.
නාසිවන් දූපතේ ගමට පානීය ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති සහ සභා සාමාජිකයින් ප්‍රදේශයේ ජනතාව සමඟ එක්වී  ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා සිටියහ.

රුද්‍රන්


http://citizenpostlk.com/2021/01/27/%e0%b6%b8%e0%b6%a9%e0%b6%9a%e0%b6%bd%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%96%e0%b6%b4%e0%b6%ad%e0%b7%9a-%e0%b7%80%e0%b7%90/

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article