Wednesday, December 25, 2024

නවීන් දිසානායකගෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකුට බාධා

Must read

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා හා නගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු අතර ඊයේ (22) උණුස්ම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
ඒ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ජංගම වෙළදසැලක් හා ඊ⁣ට සම්බන්ද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය පැමිණීමත් සමග මන්ත්‍රීවරයා ඊට විරුද්ධවීමත් සමගය.
එහිදී නිලධාරීන්ට විරෝධය පලකරමින් මන්ත්‍රීවරා සදහන් කලේ එම වලදසැල ඉවත් කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවය. නීතිය අනුව පොලිස් නියෝගයක් සමග පැමිණෙන ලෙසත් මන්ත්‍රීවරා එහිදී අදාල නිලධාරීවරයාට සදහන් කර ඇත.නමුත් නිලධාරීවරයා සදහන් කර ඇත්තේ තමන් පැමිණි⁣යේ තමන්ගේ රාජකාරිය සිදුකිරීමට බවය.

පසුව එම ස්ථානයට පැමිණි නාගරික සංවර්ධන අධිකාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් හා මන්ත්‍රීවරයාසමග සාකච්ඡාවක් පැවති අතර එහිදී තීරණය වී ඇත්තේ අනවසර ජංගම වෙලදසැල හා එහි අනෙකුත් ඉදිකිරීම් ඉයත් කරගැනීම සදහා අදාල වෙලදසැල් හිමියන්ට පැය 48ක කලෙයක් ලබා දෙන ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article