Thursday, January 23, 2025

දේශපාලන නිදහසක් නැති , ඉඩම් අයිතියක් නැති නිදහසකින් දෙමළ ජනතාවට පලක් වේද ?

Must read


නිදහස් දිනය වෙනුවෙන් විරෝධතා මාලාවක්  සංවිධානය කරමින් උතුරේ සිට නැගෙනහිරට යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් දෙමළ ජාතික සම්මේලනයේ සහ සිවිල් සමාජයේ සහය ඇතිව ගෙන යන අයිතීන් සඳහා වන අරගලය (08) ඊයේ මඩකලපුව වෙබර් පිටියේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමත් සමඟ අවසන් විය.
07 වන සඳුදා  උදෑසන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගලම්පති චිත්‍රවේලායුදර් ස්වාමි විහාරස්ථානයෙන් ආරම්භ වූ රැළිය මඩකලපුව දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි කතිරවේලියට ළඟා විය.
ආගමික නායකයන් සහ දෙමළ ජාතිකවාදීන් ඔවුන්ව එහිදී මහත් උනන්දුවෙන් පිළිගත්තා.
ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය ‘කළු දිනය’ ලෙස ප්‍රකාශයට පත් කරමින් දෙමළ ජනතාවගේ දේශපාලන සහ ඉඩම් අයිතිය ඉල්ලා මෙම රැළිය සිදු කර තිබේ.
ඊසාන දිග දෙමළ ජනතාවගේ මාතෘභූමිය යන සටන් පාඨය රැගත් රතු සහ කහ කොඩි අතැතිව ඔවුහු වාකරෙයි,  මාංකේනි,  ඔටමාවාඩි වසායිචේන, වීදි ඔස්සේ ග්‍රාන් අචිරාමයට ළඟා වූහ. එතැන් සිට පා ගමනින් මඩකලපුව නගරය දෙසට ගමන් ගත් ඔවුන් රාජ්‍ය ආරක්‍ෂක අංශවල විරෝධය මධ්‍යයේ 04 වැනිදා යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ආරම්භ වූ රැළිය කිලිනොච්චි මුලත් දූපත හරහා 6 වැනිදා ත්‍රිකුණාමලයට ළඟා විය.
අද නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් දිස්ත්‍රික් දෙමළ ජාතික සම්මේලනයේ දේශපාලන චරිත සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ එක්වීමට නියමිත අතර, අප්පරායි දිස්ත්‍රික්කය නියෝජනය කරන අතුරුදන්වූවන්ගේ සාමාජිකයින් ද අද සවස මඩකලපුව නගරයේ ගාන්ධි උද්‍යානයට එක්වීමට නියමිතයි.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article