Friday, September 20, 2024

තොණ්ඩමන්ගේ අවමංගල්‍ය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකු නිරෝධායනයට

Must read

හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.

අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.

එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.

එහි පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article