Saturday, January 11, 2025

තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අධිචෝදනා

Must read

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය සම්බන්දයෙන් කරුණු වසන් කිරීම සම්බන්දයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට ඔප්පු කිරීම සදහා  නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද මැදිහත්ව නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සටහන් පොත් පවා වෙනස් කර තිබූ අතර එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ ආනන්ද සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් මරණ පරීක්ෂණ වාර්තාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට සකස් කරදී තිබිණි.
එමෙන්ම තාජුඩීන් මහතාගේ අස්ථි කොටස් අතුරුදන්  කිරීම සම්බන්දයෙන්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිදුකළ විමර්ශනයේදී වරදකරු බවට ඔප්පු වූ ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය බලපත්‍රය ද මාස 6ක් සඳහා මින් පෙර අත්හිටුවීම සිදුවිය.
 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article