ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරදකරුවන් කරන ලද , බන්ධනාගාරගතකර සිටි තරුණයින් 4 දෙනෙකුට අද එරාවුර් හී සංචාරක අධිකරණයේදී ඇප ලබාදී තිබේ. විනිසුරු කරුපය්යා ජීවරානි මහතා විසින් මෙසේ ඇප ලබාදී ඇති අතර නීතිපතිවරයාගේ උපදසේ මත මෙම ඇප ලබාදිම සිදුකර තිබේ. කේ.සෝපනන්, අයි.යෝගේස්වරන්,වී.විවේන්ද්,කේ.ජෙගනාදන් යන තරුණයින් විසින් එල්.ටී.ටී .ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම මත මෙලෙස මාස 14 ක් ඔවුන් බන්ධනාගාරගතව සිට පුද්ගලයෙකුට ලක්ෂ 2 බැගින ශරීර ඇප මත ඇප ලබාගන්නා ලදී. මෙම තරුණයින් හතර දෙනා මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්ගලාඩි,චිත්තාන්දි,එරාවුර්,ඉයන්කේනි පොලිස් බල ප්‍රෙද්ශ වලට අයත් පුද්ගලයන් වේ. නීතිඥ ආර්. ජයසිංහම් මහතා මෙම නඩුව සදහා වින්ඳිතයින්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙන ලදි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බැටකෑ තවත් තරුණයින් 4කට ඇප
