Friday, September 20, 2024

තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

Must read

කොරෝනා වෛරසය හේතුවෙන් වෙනත් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සදහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සූදානම් කල බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. එම මධ්‍යස්ථාන දෙක දියතලාව හා කහගොල්ල ප්‍රදේශ වල ඉදිකර ඇත.

කෙසේ වෙතත් මේ වන විට මෙරට නිරෝධායන මධ්‍යස්ථන වෙත යොමුකල පුද්ගලයන් පැමිණි ඉතාලිය,කොරියාව හා ඉරානය වැනි රටවල සිට මෙරටට ගුවන්යානා පැමිණීම නතරකර දැමීමට රජය කීරණය කර ඇති බව රජය අද උදෑසන දැනුම් දුනි. ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී මෙරටට එම රටවලින් පිරිස් නොපැමිණෙනු ඇත. එමෙන්ම අද දිනයේදී ඉතාලියේ කතානියා  ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු නැවතත් හරවා යැවීමේ පුවතක්ද ඉතාලියෙන් වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article