Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාවට කරන්නාගොඩට සිතාසි

Must read

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු 2008 වසරේදී පැහැරගෙනගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්දයෙන් අධිචෝදනා පත්‍ර භාරදීම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

ජූරි සභාවක් නොමැතිව නඩු විභාගය සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු වත කල ඉල්ලීම පිලිගනිමින් අගවිනසුරුවරයා විසින් චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල පත් කර තිබේ.

මෙම විනිසුරුමඩුල්ල හමුවේ අදාළ නඩුව හෙට (24) අධිකරණය හමුවේ කැදවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article