Saturday, November 16, 2024

තමන්ට ලැබුන අටපිරිකර විකුණා වැඩිහිටියන්ට සැලකූ මින්තලයේ හිමිනම.

Must read

මිහින්තලා රජ මහා විහාරාධිපති මෙන්ම භාරකාර මිහින්තලා ජනපවුර සංවිධානයේ සභාපති වන ගරු වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් තමන්හට ලැබෙන්නාවූ අටපිරිකර විකුනා ලද මුදල් යොදාගනිමින් මිහින්තලා ජනපවුර වැඩිහිටි සංසදයේ වැඩිහිටියන්ට ආහාරපාන ලබාදී පුරා දිනයක් තිස්සේ වැඩිහිටියන්ට සැලකූ පුවතක් මිහින්තලයෙන් වාර්ථා වේ. මේ අවස්ථාව සදහා වැඩිහිටියන් 1800 කට අධික පිරිසක් සහභාගී වී සිට ඇත.

මෙම වැඩසටහනේ තේමාව වූයේ  ” සැරයටි වාරුව ලොවම දිනන්නට” යන්න වන අතර එම අවස්ථාව සදහා මහා සංඝ රත්නයේ නාහිමිපාණන් වහන්සේලා ,අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති තුමා,රාජ්‍ය නිලධාරීන් ,කලා කරුවන් ,ආදී විශාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

මේ අවස්ථාව ආරම්භයේදී  මිහින්තලා පොළීසිය අසල සිට දර්ශණීය පෙරහරකින් වැඩිහිටියන් උත්සව භූමියට කැදවාගෙන ආ අතර ඉන් අනතුරුව වැඩිහිටියන් ගේ ,දරුවන්ගේ ,තරුණ තරුණියන්ගේ නැටුම් ගැයුම් සමූහ වශයෙන් ඉදිරිපත් කළහ.කලා කරුවන් රැසකගේ සහභාගිත්වයෙන් දර්ශණ ඉදිරිපත් කරමින් වැඩිහිටියන් ප්‍ර බෝධමත් කිරීමේ වැඩසටහන්ද පැවැත්විණි. එම අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.

DSC_0609

DSC_0735

DSC_0734

DSC_0690

DSC_0167

DSC_0818

DSC_0117DSC_0056

DSC_0020

ඡායාරූප – දිනමින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article