Thursday, January 23, 2025

තත්වය අවදානම් ! ගමේ රෝහල් වලට හැකි පමණින් උදව් කරන්න !

Must read

කොරෝනා වසංගතය පාලනය කිරිමට මැදිහත්ව ක්‍රියාකරමින් සිටින රජයේ දේශපාලකයන් අතර මේ වන විට වැඩිම ගෞරවයට පත්ව සිටින තැනැත්තිය වන්නේ රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේය.
ඇය නිරන්තරයෙන් පවතින අවදානම් තත්වය ගැන රට හමුවේ තැබුවාය. එමෙන්ම වසංගතය පාලනය කිරිමට හැකි උපරිම අයුරින් එයට දායක වන ලෙසද ඉල්ලා සිටියාය.

ඇය වරක් රෝහල් වලට අවැසි උපකාරයන් කරන ලෙස ඇති හැකි අය ගෙන් ඉල්ලා සිටිද්දේ අමන ඇමැතියන් කිප දෙනෙකු වහසි බස් දොඩමින් කියා තිබුනේ රජයට ඇති තරම් මුදල් ඇති බවත් සුදර්ශණි ආතතියකින් පෙළෙන නිසා මේ ආකාරයෙන් උදව් ඉල්ලා සිටිනවා විය යුතු බවත්ය.

ඒහෙත් ඇත්ත කුමක්ද දැයි දැන් රෙද්ද කැඩුවා සේ රජයේ නිරුවත හෙලිවි තිබේ.
බංගලාදේශව වැනි රටකින් පවා ණය ඉල්ලා සිටින තැනට දැන් රට පත්ව තිබේ.
මේ අතර සුදර්ශණි යලිත් වරක් රට හමුවේ ඇති අවධානම ගැනත් හැකි අයුරින් උදව් කරන ලෙසත් ඉල්ලා තිබේ.

කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා උදවු උපකාර රැසක් කර ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන්ට තමා ස්තුතිය පුද කරන බවත් ඇය සඳහන් කර තිබුණි.

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව දැඩි අවදානම්කාරී තැනකට පැමිණ ඇතැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article