Saturday, September 21, 2024

ඩොලර් අර්බුදය විසදාගන්න ණය ගන්න – ඇමතිවරුන්ගෙන් යෝජනාවක්

Must read

රට තුල මේ වන විට පවතින දැඩි ඩොලර් හිගය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු විසින් රජයට ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ඉන්ධන,ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේ ආනයනයට පවා මෙම ඩොලර් හිගය දැඩි ලෙස බලපා ඇති බව එහිදී අදහස් දැක්වූ  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාසදහන් කර ඇත. රටට අවශ්‍ය ඉන්ධන ලබන පෙබරවාරි මාසය දක්වා ආනයනය කිරීමට සංස්ථාවට හැකියාව ඇති නමුත්, ඉන්පසුව ඉන්ධන ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ .එබැවින් ,මේ මොහොතේ තියෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බව ඔහු පෙන්වා දී ඇත.

නමුත් එහිදී අදහස් දැක්වූ වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ලබා ගැනීමට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට අනුගත වීමට සිදුවන බවත් එම කොන්දේසි ඉටු කර ජනතාව හමුවට යා නොහැකි බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article