වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී රජ්‍ය මුදල් අවභාවිතාකිරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරිම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඒ එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘෘ, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය, යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අවස්ථාවේදී වන අතර එහිදී වැඩි ඡන්දයෙන් අභියාචනය ප්‍රතික්ෂේප විය
මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.