Friday, September 20, 2024

ඩයනාට අපහාස කළ නලින් තුට්ටු දෙකට වැටෙයි

Must read

පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් දෙසැම්බර් 01 වනදා ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පෙරදැරිව ස්ත්‍රි හිංසනයට එරෙහි දින 16 ක ක්‍රියාකාරීත්වයක් ආරම්භ කර අදට ගතවී ඇත්තේ දින 09කි.

වම්බොටු කතාවෙන් පසු ඊළග ලිංගික අපහාසය අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පා.මන්ත්‍රී නලින් බන්ඩාර විසින් සිදුකරන්නට යෙදුණි.

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ කතාවට පිළිතුරු දෙමින් ඔහු සිදුකළ වාග්ප්‍රහාරයේ මූලික අරමුණ වුයේ ඇයගේ විවේචනයට දේශපාලන පිළිතුරක් වෙනුවට ඇගේ ස්ත්‍රීභාවයට අපහාසයක් එල්ල කිරීමයි. සාමාන්‍ය වචනයෙන් කිවහොත් තුට්ටු දෙකේ කතාවක් එළීයට පැන්නේය.

ඒ වෙනුවෙන් ඔහු වචන දෙකක් භාවිතා කරන ලදී. ඒ ‘ගලිබවුසරය’ , සහ ‘එතුමියව වට්ටන්ඩ බැරිවුණාට එතුමියව සමහරු පෙරලගත්තා’ යන ප්‍රකාශ දෙකයි.

මේ දෙකම ස්ත්‍රීත්වයට අපහාසයකි.

දෙසැම්බර් 01 වෙනිදා තැබිලි පාට පටි පළදවමින් පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් දැල්වූ බලාපොරොත්තුව බිදී විසිරී යෑම ගැන ඉතාමත් කණගාටුදායකය

ලාංකීය සමාජයේ ආධිපත්‍යධාරී මතදරන බහුතරයක් පිරිමින් තුළ තිබෙන අශිෂ්ටයා නලින් බංඩාර මන්ත්‍රීවරයා තුළද සැගවී සිටිම ,එක අතකට පුදුම විය යුතු කාරණයක්ද නොවේ.

ස්ත්‍රීය මෙල්ල කිරීමට,ඇයව පාලනය කිරීමට බහුතරයක් පිරිමි , ඇයට ලිංගික අපහාසයෙන් දමා ගැසීම මේ සමාජයේ මුල්බැහැගත් සම්ප්‍රදායකි.

කාන්තාව නිහඩ කිරීම සදහා සම්ප්‍රදායික මෙන්ම පුරුෂාධිපති ,පිරිමින් මෙම ලිංගික අපහාසය මෙවලමක් සේ සලකයි. මෙවැනි ලිංගික අපහාස වලට ඉස්සර කාන්තාවන් බිය වුණාට නූතන කාන්තාවන් තරමක් වෙනස් බවද කිව යුතුය. විශේෂයෙන් දේශපාලන බලය, සමාජ අවබෝධය ඇති කාන්තාවන් මෙවැනි තුප්පහි කතා හමුවේ සැලෙන්නේ නැත.

දෙසැම්බර් 01 වෙනිදා කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට අනුව ඇයට අපහාස කරමින් වම්බොටු කතාව සිදුකළ මන්ත්‍රීවරයාට එරෙහිවද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.‍ෙ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article