Friday, September 20, 2024

ටයර් මත පිළිස්සෙමින් තිබූ මළ සිරුරක් සොයාගැනේ

Must read

ටයර් මත පිළිස්සෙමින් තිබූ මිනිස් මළසිරුරක් සොයාගැනීමට දඹුල්ල පොලීසියට හැකිවී තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතරුකට අනුව දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී මෙම සිරුර සොයාගෙන ඇති අතර සොයාගන්නා අවස්ථාවෙදීත් මෙම සිරුර පිලිස්සීමෙන් තිබුණු බව පොලීසිය කියයි.

එම ස්ථානයේ ඇති අඩි 4ක් පමණ විශාල වලට මෙම සිරුර පිළිස්සෙමින් තිබී ඇති අතර එම ස්ථානයට යාබද ප්‍රදේශයක කණ්ඩායමක් හෝ කීප දෙනෙකු මත්පැන් පානය කර ඇති බවට සලකුණු රැසක් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි.

මියගොස් ඇති පුද්ගලයාෙග් අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය වී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙම අස්ථි කොටස් යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයට මේ වන විටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

 

PHOTO -lankadeepa
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article