Saturday, September 21, 2024

‘ජෝර්ජ් ෆොලොයිඩ් ‘ ඝාතනය කිරීමේ චෝදනවාට හිටපු පොලිස් නිලධාරියෙකු වැරදිකරු වෙයි

Must read

 

2020 වර්ෂයේ මැයි 25 වන දින කලු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆොලොයිඩ් ව ඒරට පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරන ලදී. කිසියම් හේතුවක් මත ජෝර්ජ් ෆොලොයිඩ්ගේ වාහනය නවතා ඔහුව බියගන්වා බිමට බස්සවා ගන්නා පොලිස් නිලධාරියෙකු ජෝර්ජ් ව බිම දමා ඔහුගේ ගෙල පොලිස් නිලධාරිෙයකු විසින් දණහිසෙන් පාගාගෙන සිටින අයුරු තරුණ ගැහැණු ළමයෙකු විසින් විඩියෝගත කළ අතර ඒය මුළු ලෝකයම නරඹන ලදී. මෙම තරුණිය විසින් වීඩියෝ කළ මෙම දර්ශනයෙන් පොලිස් නිලධාරීයා ෆොලොයිඩ්ගේ ගෙල මිනිත්තු 09 යි තත්පර 29ක් පාගාගෙන සිටින අයුරු දර්ශනය කළ අතර ඒය වීඩියෝ සාක්ෂිකයක් බවට පත්විය.  මෙම අවාසානාවන්ත  සිදුවීමෙන් පසු පොලිස් අත්අඩංගුවේදීම  48  හැවිරිදි ජෝර්ජ් ෆොලොයිඩ් මිය යන ලදී.  ඇමරිකානු පොලීසිය  විසින් කලු ජාතිකයෙකු වෙත ඒල්ල කළ මෙම කෲර හිංසනය ඉදිරියේ ඒරට කලු ජාතිකයින් නැගී සිටි අතර දින ගණනාවක් විරෝධතා වලින් වීදි පිරී ගියේය. ඒවකට ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට මෙම විරෝධතා හේතුවෙන් ඒක් දිනක් බංකරයකට වී සිටින්නටද සිදුවිය.
මෙම ඝාතනය සිදුවී වර්ෂයක් සම්පූර්ණ වීමට මසක් තිබියදී ඊයේ (20)  ඇමරිකානු අධිකරණය විසින්ජෝර්ජ් ෆොලොයිඩ් ගේ ඝාතනයට චෝදනා ලැබ සිටි මිනියාපොලිස්  නිලධාරී ඩෙරෙක් ෂෝවින්  වැරදිකරු කරන ලදී. සති දෙකක කාලයක් තුළදී 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් ඔවුන්ගේ තීන්දුව ලබාදුන් අතර දින 11 ක් පුරා සාක්‍ෂි විමසන ලදී. ඒ අනුව පැමිණිල්ල විසින්  සාක්ෂිකරුවන් 38 දෙනෙකු කැඳවන ලදී.  මෙම ජූරි සභාව  පුද්ගලයින් 12 දෙනෙකුගෙන් සමන්විතවූ අතර සුදු ජාතිකයින් හයදෙනෙකු සහ කළු ජාතිකයින් මෙන්ම බහු වාර්ගික මෙන්ම ස්ත්‍රී සහ පුරුෂයින් නියෝජනය විය. ඔවුන්ගේ තීන්දුව  ප්‍රකාශ කිරීම පැය 10ක් පුරා සිදුවූ අතර අවසානයේ  ජෝර්ජ් ෆොලොයිඩ් ඝාතනය මිනීමැරුමක් බවටත්  වැරදිකරු ඩෙරෙක් ෂෝවින්  කළ තීන්දුව ප්‍රකාශ කරනවාත් සමග ඔහුගේ ඇප අහෝසි කර ඔහුට ඒ් අවස්ථාවේම මාංචු දමා උසාවියෙන් පිටතට රැගෙන යන ලදී. හිටපු පොලිස් නිලධාරියෙකු වූ 45 හැවිරිදි චාවින් සති අටක සිරදඩුවම් විදීමට නියමිත අතර වසර ගණනක සිරදඩුවම් ලැබීමට නියමිතය.

මෙම තීන්දුව දුන් අවස්ථාවේ  මිනියාපොලිස්හි රැස්ව සිටි ජනයා  ! ජෝර්ජ් ෆ්ලොයිඩ්! ගේ  නාමය හඩනගමින්   ප්‍රීති, ඝෝෂා කළහ. ! ජෝර්ජ් ෆ්ලොයිඩ්!

“කළු ඇමරිකාවට යුක්තිය යනු මුළු ඇමරිකාවට යුක්තියයි” යැයි ෆ්ලොයිඩ් පවුලේ නීති නීතිඥවරයා බෙන්ජමින් ක්‍රම්ප් නිවේදනයක් නිකුත්  කළේය.
“මෙම නඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගවීම සඳහා ඇමරිකානු ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර  ඒය සෑම නගරයකම සහ සෑම ප්‍රාන්තයකම පැහැදිලිව අසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article