Sunday, January 12, 2025

ජාත්‍යන්තර ක්‍රමයට උප්පැන්න නිකුත් කිරීම ඇරඹේ – මව්පියන් විවාහකද තීරුව ඉවත් කෙරේ

Must read

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. මේ බව සදහන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසිනි.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

තෙවැනි වරට පැවැත්වූ දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින් ඇය මේ බව සදහන් ක අතර පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත්වූ යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බවද ඇය සදහන් කළාය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ තුසිතා විජේමාන්න මහත්මිය වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ  2019 ජනවාරි 01 වැනිදා සිට සිදු වූ සෑම උපතකටම මාර්තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ නව උප්පැන්න සහතික නිකුත් කෙරෙන බවයි. එමෙන්ම ස්ත්‍රී දූෂණවල වින්දිතයන් බවට පත්වන්නන්ගේ දරුවන් සම්බන්ධයෙන් මතුවන ගැටලු, සමාජ ප්‍රශ්න විසඳා ගැනීමටත් සහ එම වින්දිතයන් මුහුණ දෙන දුෂ්කරතා, නින්දා සහ අපහාස අවම කරගැනීමත් මෙමඟින් අවස්ථාව උදා වන බවත් ඇය සදහන් කළාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article