Monday, November 25, 2024

ජනපති අණින් නාවික හමුදා සේවයේ පිහිටවූ යෝෂිත රාජපක්ෂට උසස් වීමක් : මූලස්ථානයටත් අනුයුක්ත කෙරේ

Must read

මුදල් විශූද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන බාධාවකින් තොරව සිදුකරගෙන යාමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2016.2.28 දින සිට සේවය අත්හිටුවනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා ඉකුත් (23) දින සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවීමෙන් අනතුරුව නාවික හමුදා ලූතිනන්  තනතුරේ සිට තාවකාලික ලූතිනන් කමාන්ඩර් නිලයට උසස් කර නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි.

ඉදිරියේ එම නිලය සඳහා අවශ්‍ය මුලික සුදුසුකම් සපිරීමෙන් පසුව ඒ මහතා ස්ථීර ලූතිනන් කමාන්ඩර් නිලයේ පිහිටුවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි. .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article