රට අනතුරේ හෙළන ජනපති සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණයට එරෙහිව සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්විමට මාධ්‍යවේදින්ද තින්දු කර ඇත. මේ අනුව නොවැ 27 වනදා සවස් වරුවේ මාධ්‍යවේදින් රැසක් මේ අවස්ථාවට එක්විමට දැනටමත් කැමැත්ත පළකර ඇතැයි සිවිල් සංවිධාන එකමුතුවේ කමිටු සාමාජිකයෝ පවසා සිටිති.
ලංකා ඉතිහාසියේ වැඩිම මාධ්‍යවේදින් සංඛ්‍යාවක් ඝාතනය කළ රාජ්‍ය පාලකයා වන්නේ මහින්ද රාජපක්ෂය.
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු මෙසේ ඝාතනය කර තිබේ.
මින් 41 දෙනෙකුම දමිල මාධ්‍යවේදින්ය.
මේ කිසිදුව අයෙකුගේ පරික්ෂණ තවමත් සිදුව නොමැත. පමා වෙමින් හෝ ක්‍රියාත්මක වු ඇතැම් ඝාතන පරික්ෂණ බාරය සිටි දක්ෂ නිළධාරියෙකු වු නිශාන්ත ද සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදිමට ජනපති සිරිසේන විසින් පියවර ගෙන තිබිමෙන්ම පෙනි යන්නේ පසුගිය කාලය තුල රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදින්ගේ පරික්ෂණ ඇත්තටම යටගසන්නට කටයුතු කර ඇත්තේ කව්දැයි කියාය.