අද උතුරු චීනයේ සිවුහාන් ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 7ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් හේතුවෙන් මේ වන විට 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 175 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවයි එරට මාධ්‍ය වාර්ථා කරන්නේ. මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සංචාරකයන් අතර වඩාත් ප්‍රසිද්ධ ප්‍රදේශයක පිහිටා ඇති අතර සිවුආන් ප්‍රාන්තය සැලකෙන්නේ භූකම්පන වැඩි වශයෙන් සිදුවන පළාතක් වශයෙනුයි. මින්පෙර 2008 වසරේ සිදුවූ භූකම්පනයකින් 70,000 ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.මේ සිදුවීම සිදුවී අැත්තේ එරට වේලාවෙන් රාත්‍රී 9.20ට පමණයි.