Saturday, August 1, 2026

ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්:

Must read

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්, ප්‍රහාරයන්ට ලක්වූ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් හට සිදුවූ ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් වහාම සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ ආරම්භ කරන ලෙස බල කරමින් යාපනයේ මාධ්‍යවේදීන් විසින් විරෝධතාවක් පවත්වා ඇත.

​යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

​දෙදින නිල සංචාරයක් සඳහා යාපනයට පැමිණ සිටි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ (සම්මන්ත්‍රණයට) පෙර මෙම විරෝධතාව පැවැත්විණි.

​අතීතයේ සිදුවූ මාධ්‍ය මර්දනයන් හා ප්‍රහාරයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් යාපනය මාධ්‍ය සමාජය (Jaffna Press Club – JPC) අයත් මාධ්‍යවේදීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරියගේ එකී විශේෂ වැඩසටහන සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීමට පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article