Saturday, September 28, 2024

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නඩේසන්ට මුලතිව් මාධ්‍යවේදීන්ගේ උපහාරය

Must read

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයතුරෙයි නඩේසන් මහතාගේ 20 වැනි සංවත්සර උත්සවය මාධ්‍ය සංගමයේ සභාපති ෂන්මුගම් තවසීලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 2024.05.31 දින මුලතිව් මාධ්‍ය සංගමයේ දී හැඟීම්බරව සිදු කෙරිණි.

විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයතුරෙයි නඩේසන් මහතාගේ රුව වෙත ගිනි දල්වමින් සහ මල් ඉසිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් විසින් සංවේදී ගෞරව දැක්වීමක් සිදු කරන ලදී.

2004 මැයි මස 31 වැනි දින සිය කාර්යාලයට යමින් සිටියදී මඩකලපුවේදී නාඳුනන තුවක්කු කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද  මාධ්‍යවේදී නඩේසන් මහතා සිහිකිරීම  විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article