Friday, January 10, 2025

ගෝඨා ඇමරිකා පුරවැසිභාවය අත්හල බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ ලියවිල්ල බොරුවක් බව ඔප්පු වෙයි

Must read

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම හාඒ සම්බන්දයෙන් ඇමරිකානු බලධාරීන් විසින් නිකුත් කලායැයි කියැවෙන ලියවිල්ලක් ඊයේ දිනයේදී සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම සිදුවිය. නමුත් එම ලියවිල්ල බොරු ලියවිල්ලක් බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේ ගෝඨාගේ හිතවත් පිරිස් විසින් සාමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කල එම ලියවිලි වලට අනුව ඔහු ඇමරිකානු පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 වසරේ මාර්තු 13 වන අතර ඔහු සිය ඇමරිකානු පුරවැසිභාවය 2019 වසරේ ජුලි 05වන දින ඉවත් කරගෙන ගෙන ඇත. එමෙන්ම එම ලියවිලි වල රත්පැහැ මුද්‍රාවක් තිබෙන අතර එහි 2019 ජුලි 26 ලෙස සටහන් වන අතර එම ලියවිල්ල කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලය විසින් අනුමත කර ඇති බවට ඇමරිකානු නිලධාරියෙකු වන ජොයෙල් ෆිෆීල්ඩ් නැමැත්තෙක් අත්සක් කර ඇත.

ජුලි 05 වනදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නොසිටි අතර ඔහු සිය හදවත් සැත්කම සදහා සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ රෝහලක රෝහල්ගතවී සිටියේය. එමෙන්ම ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගන්නේ 2003 වසරේ ජනවාරි 31 වනදා වන අතර මෙම ලියවිල්ලේ සදහන් වන්නේ මාර්තු 13 ලෙසටය.

එමෙන්ම එම ලියවිල්ලේ සදහන්වන ගෝඨාභය මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුද සාවාද්‍ය ඒවාය. එම ලියවිල්ලට අනුව ගෝඨාභය මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කර ඇත්තේ 2012 වසරේ ජුලි මාසයේදී වන නමුත් නිල වාර්තා අනුව ඔහුට විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් මාසයේදීය.

මෙම ලියවිල්ල බොරු ලියවිල්ලක් බවට ඔප්පු කල හැකි පැහැදිලිම සාක්ෂිය වන්නේ මෙම ලියවිල්ල අන්තර්ජාලයේ Wikipedia internet encyclopedia හි ඇතුලත් සාම්පලයක් ලෙස ඉදිරිපත් කර ඇති සහතියකට සෑම ඇතින්ම පාහේ සමානකම් දැක්වීමය. එමෙන්ම මෙම ලියවිල්ලෙහි නම සදහන්වන හා ඇමරිකානු නිලධාරියෙකු ලෙස දැක්වෙන Joel Fifield නැමැත්තේ පැරගුවේ රාජ්‍යයේ කොන්සියුලර් නිලධාරියෙකි.

(http://www.dailymirror.lk වෙබ් අඩවියේ පලවූ ලිපිය ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article