කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂය මේ වන විට නිවැරදි කර ඇති බවත්, ගුවන්තොටුපළේ ආගමන සහ විගමන ක්‍රියාවලිය යථා තත්වයට පත් කළ බවත්ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය සදහන් කර ඇත.