Friday, September 20, 2024

ගුවන්තොටේ කලබලය දැක්වෙන වීඩියෝවේ චෝදනා ගුවන්තෝටුපල කාර්යමණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරයි

Must read

ඉතාලියේ සිට මෙරටට පැමිණ පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ කාමරයක රදවා තබැ ගැනීමේ සිදුවීමක් සම්බන්දයෙන් වන වීඩියෝවක් ඊයේ(10) දිනයේදි සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය අතර එම සිදුවීඹ සම්බන්දයෙන් වන පැහැදිලි කිරීමක් මේ වන විට ගුවන්තොටුපල හා ගුවන් සේවා පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ගුවන්තොටුපල හා ගුවන් සේවා උප සභාපති රජීවසිරි සූරියආරච්චි මහතා සදහන් කරන්නේ  එය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමක් බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. කුඩා ළමුන් පිරිසක්ද සමග පැමිණි මෙම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂිත පියවරක් වශයෙන් තාවකාලිකව රදවා තබාගැනීමක් සිදුකල බව ඒ මහතා පැහැදිලි කරයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රටවල් වල සිට පැමිණෙන පිරිස් සමහරක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාමට අකමැති බවත් ,මෙම පිරිසද එවැනි මතයක සිටි පිරිසක් බවයි.

එම වීඩියෝ –

https://m.youtube.com/watch?v=5L_efoYaVy0&feature=youtu.be#dialog

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article