Thursday, December 26, 2024

ගෑස් බෙදාහැරිම ඇරඹේ ! දින 3 කින් පසු අර්බුදය යළිත් ?

Must read

ලිට්‍රෝ සමාගම ඊයේ (17) නිදහස් කරගත් ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙටි්‍රක්ටොන් 200 ක් පමණ කර්මාන්තවලට ලබාදෙන බවත් ඉතිරි ගෑස් ප්‍රමාණයෙන් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය කරන බවත් එම නිලධාරියා පවසා ඇත.

ගෑස් මෙටි්‍රක්ටොන් එකකින් කිලෝ 12.5 සිලින්ඩර 80 පමණ නිෂ්පාදනය කළ හැකි මෙන්ම නිෂ්පාදන කරන සින්ඩරවල ප්‍රමාණය අනුව ටොන් එකකින් නිෂ්පාදනය කරන සිලින්ඩර සංඛ්‍යාව තීරණය වන බව ද එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය. 

ලිට්‍රෝ සමාගම නිකුත් කළ විවිධ ප්‍රමාණවල ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතයන් සහ ජනතාව සතුව ලක්‍ෂ 70 ක් පමණ ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55 ක් පමණ කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

මේ අතර ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුන් ගෑස් බෙදාහැරිම ලිට්‍රෝ සමාගම විසින් දැන් ආරම්භ කර ඇති බවයි.එහෙත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවි සැල් වෙත තවමත් ගෑස් ලැබි නැති බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article