Friday, December 27, 2024

ගමේ ගිය අයව කොළඹ ගේන්න බස් 7000 ක් !

Must read

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යාමට යෙදවූ බස් රථ හත්දහසම ඊයේ(16) වැනිදා සිට මගීන් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහාද යොදවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසු බව අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල සම්බන්ධීකරණයෙන් 16,17,18 තෙදින තුළ මෙම ප්‍රවාහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා පැවසු බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

සිංහල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය (07 වැනිදා) සිට ප්‍රවාහන සැලැස්මක් ආරම්භ කළ අතර ඒ අනුව අප්‍රේල් 14 වැනිදා දක්වා පුද්ගලික බස් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා යොදවා තිබුණි. ඊට අමතරව බස් රථ තුන්සියයක ඇණියක් ද සූදානම් කර තිබුණි.

මීට අමතරව 18 වැනිදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 30 ක් ද යොදවා තිබෙන බවත් මගීන්ට යාමේ හා ඒමේ පහසුව තකා එම සැලසුම සකස් කළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඩබ්ලිව්.එස්.පොල්වත්තගේ කියා ඇත.

මේ අතර කොළඹ දෙසට දිවෙන ප්‍රධාන පාරවල් රැසක දැඩි වාහන පෝලිම් දක්නට ලැබුන බව අපගේ ප්‍රාදේශිය වාර්තා කරුවන් සදහන් කර සිටිති

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article