Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(17) උදෑසන 8.00 සිට පැය 24 ක කාලයක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතිත ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.සපුගස්කන්ද විදුලි බල මණ්ඩලයේ අළුත්වැඩියා හේතුවෙන් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා(18) පෙරවරු 08.00 දක්වා කාලය තුළ පෑලියගොඩ ,වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ කැළණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසක ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article