Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කෝ.. ඩෝ .. කවුද අඩෝ..හු.. කියන්නේ : වාසු උසාවි පරිශ්‍රයේ යකා නටයි. [Video]

Must read

කුමන්ත්‍රණ ආණ්ඩුවේ භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (12) ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී ඉතා අප්‍රසන්න ආකාරයට හැසිරී ඔහුගේ ජාතික භාෂාවෙන් රැස්ව සිටි පිරිස අමතා ඇති බව වාර්තා වෙයි.

ඒ අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී බවට පාර්ශව 11ක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අවස්ථාවට එක්වෙමින් සිටි අවස්ථාවේය.

එහිදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව වාසුදේව අමාත්‍යවරයා ගෙන් විමසන්නේ එය ව්‍යවස්ථාවට අනුකූල ද කියාය.

එහිදී අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිට විධායක බලයට අමතරව ජනතාව දුන්න බලයක්ද තියෙන බවය. එහිදී රැස්ව සිටි පිරිස විවිධ ප්‍රශ්න අසන අතර එහිදී වාසුදේව අමාත්‍යවරයා චණ්ඩි වෙස් ගෙන අඩෝ… කවුද ඩෝ හූ කියන්නේ, කියමින් පිරිස අතරට කඩා වැදී යකා නටන්නට ගෙන ඇත.
http://www.infosrilankanews.info

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article